සන්ධාන මන්ත්‍රී පිරිසක් පොලිස්පති හමුවෙති


පොලිස් මූල්‍ය අපරාධ කෙට්ඨාසය පිහිටුවා ඇති අකාරය නීති විරෝධී බවටත් හිටපු ජනපතිගේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවත්, මහජන දේපළ පරිහරණය කිරීම සම්බන්ධයෙන් දේශපාලනඥයන් අත් අඩංගුවට ගැනීමේදී නීතිපති උපදෙස් ලබාගත යුතු බවටත් යන කරුණු කිහිපයක් මුල් කරගනිමින් හිටපු ඇමැති මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (18) පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිවරයා හමුවී සාකච්ඡා කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන හා හිටපු මන්ත්‍රී රෝහිත බෝගොල්ලාගම යන මහත්වරුද එම අවස්ථාවට එක්වූහ.

web1

IMG_4758