ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ නායකයින් අතර සාකච්ඡාවක් අද (31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්වෙන බව සන්ධාන ආරංචි මාර්ග පවසයි.
ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ටද මේ සඳහා ආරාධනා ලැබී ඇති බව වාර්තා වේ.
රටේ වත්මන් දේශපාලන තත්ත්වය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුව තුළ කටයුතු කළ යුතු ආකාරය මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.

