එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ කිහිපයක් ඉදිරියේ දී ස්වාධීනව කටයුතු කිරීමට සාකච්ජා කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
මේ වන විට සන්ධානය් සාමාජික පක්ෂ රැසක මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් ඊට එකඟතාවය පළ කර ඇතැයි ද ගම්මන්පිල මහතා කීවේය.
සන්ධාන නායකත්වය සාමාජික පක්ෂ සමඟ සාමූහික තීරණ නොගැනීම හා නොසළකා හැරීම ඇතුළු හේතු ගණනාවක් මේ තීරණයට බලපෑ බවද හෙතෙම සඳහන් කළේ ය.
සන්ධානය ගන්නා සමහර තීරණය තමන් දැන ගත්නේ මාධ්‍ය මගින් යැයිද ගම්මන්පිල මහතා කීවේය.

