සන්ධාන ජාතික ලැයිස්තුවෙන් හැළුවාට පොල් ගසති


එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නොලැබුණැයි කියමින් මහජන එක්සත් පෙරමුණේ සෝමවීර චන්ද්‍රසිරි හා ජාතික නිදහස් පෙරමුණේ පියසිරි විජේනායක මහත්වරු අද (22) නවගමුව පත්තිනි දේවාලයට ගොස් පොල් ගැසූහ.

ජාතික ලැයිස්තුවේ නම් ඇතුළත් නොවුණු පරාජිතයන්ට පත්කළ මන්ත්‍රීකම් දීමට එරෙහිව ඉදිරියේ නීතිමය පියවර ගන්නා බව ද ඔවුහු පැවසූහ.