සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පරාජිතයන් ගන්න එපාලු


පරාජය වු අපේක්ෂකයන්  ජාතික ලැයිස්තුවෙන්  පාර්ලිමේන්තුවට නොයවා  එජාපය දුන් පුර්වාදර්ශය එක්සත් ජනතා  නිදහස්  සන්ධානය කෙරෙහි ද ක්‍රියාත්මක කරන්නැයි  ජාතික සංවිධාන එකමුතුව ජනාධිපති  මෛත්‍රිපාල  සිරිසේන මහතාගෙන්  ඉල්ලීමක් කළේය.

ජනතාව තෝරා  පරාජය කරන ලද්දේ  ඔවුන්ට එපා යැය සළකන නියෝජිතයින් වන බැවින් පස්සා  දොරෙන්  ඔවුන් ඇතුළට  ගැනිම ජනතා  අපේක්ෂාවන්ට  එරෙහිව යාමක්  යැයි ජාතික සංවිධාන එකමුතුවේ ජාතික සංවිධායක ගෙවිදු කුමාරතුංග මහතා කීවේය.

ඔහු මේ බව කීවේ නාරාහේන්පිට  අභයාරාමයේ  අද (21) පැවති  මාධ්‍ය හමුවක දී ය.