සන්ධාන ඡන්ද කාර්යාලයට වෙඩි


දකුණු පළාත් සභා සන්ධාන අපේක්ෂ ඩී වී උපුල් මහතාගේ මැතිවරණ කාර්යාලයකට සෙනසුරාදා රාත්‍රී වෙඩි තබා දොර ජනෙල්වලට හානි සිදු කළත් සංඝරත්නයේ සෙත් පිරිත් මැද ඔහු එම කාර්යාලය බෙලිඅත්ත තංගල්ල පාරේ නිවසක දී අද විවෘත කළේය.

අවි ගත් මැර කල්ලියක් ගැන ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන් බවත් , එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකුගේ නිවසකට ද වෙඩි තබා ඇති බවත් ඔහු කීවේය.