සන්තෝෂ් ජා - මහින්දගේ ගෙදරට සුබ පැතුමක් යවයි


(අංජුල මහික වීරරත්න)

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනයට අද(18) සුබ පැතුවේය.

ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී හර්වින්දර් සින්ග් මහතා තංගල්ල, කාල්ටන් නිවසට පැමිණ ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ සුබ පැතුම මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරි නැමුවේය.

"රාජ්‍ය තාන්ත්‍රිකව ද පෞදගලිකව ද අප අතර පවතින මිතුදම සතුටු සිතින් සිහිපත් කරමින් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙම සුබ පැතුම පිළිබඳව සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කරයි.