සනත් නිශාන්තට ඇප


(ඔගස්ටින් ප‍්‍රනාන්දු)   

                                                  
හලාවත මහාධිකරණය විසින් පැනවු ඇප කොන්දේසි කඩ කිරිම නිසා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි කුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා හා ඔහුගේ සහෝදරයා වන කුරුගමගේ ජගත් සමන්ත පෙරේරා  යන මහත්වරුන්ට හලාවත මහාධිකරණ විනිසුරු එම්.බී.බී.සී.එස් මොරායස් මහතා අද ( 31 )  දැඩි කොන්දේසි මත ඇප නියම කෙරිණි.


එම සැකකරුවන් දෙදෙනා දින 73 ක කාලයක් රිමාන්ඩ් භාරයේ සිටියහ.


 පසුව ඔවුන්ට ඇප නියම කරන මෙන් නිතිඥ තරංග දිසානායක මහතා  ඊයේ (30) මෝසමක් ඉදිරිපත් කර තිබුණි.
 එම කරුණු සලකා බැලු මහාධිකරණ විනිසුරුවරයා  ඔවුන්ට  රුපියල් ලක්ෂ දහය බැගින් සහතික   ඇප හතරක්  මත මුදාහැරීමට නියම කළේය.


 ඊට අමතරව සෑම ඉරුදිනක දීම හලාවත පොලිසියට වාර්තා කළ යුතු බවට ද නියම කළේය. 


එහෙත් මෙහිදි මන්ත‍්‍රී සනත් නිහාන්ත පෙරේරා  මහතා වෙනුවෙන් ඉදිරිපත් වු ඇපකරුවන් ගැන සැහිමට පත් වු නිසා ඔහුගේ ඇප ක‍්‍රියාත්මක වු නමුත් දෙවන සැකකාර කුරුගමගේ ජගත් සමන්ත පෙරේරා මහතා වෙනුවෙන් ඉදිරිපත් වු ඇපකරවන් දෙදෙනා කෙරෙහි අධිකරණය සෑහීමට පත් නොවු බැවින් එම සැකකරු වෙනුවෙන් සුදුසු ඇපකරුවන් දෙදෙනකු ඉදිරිපත් කිරිමට ද විනිසුරුවරයා දැන්වීය.