(ඔගස්ටින් ප‍්‍රනාන්දු )
හලාවත මහාධිකරණය විසින් දෙනු ලැබු ඇප කොන්දේසි උල්ලංඝණය කිරිමේ සිද්ධියක් මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සහෝදරයකු වන ආරචිචිකටිටුව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රි ජගත් සමන්ත පෙරේරාගේ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ හලාවත මහාධිකරණ විනිසුරු එමි .බී .සී. එස්. මොරායස් මහතා ඔවුන් මැයි මස 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අද ( 03 ) නියම කළේය.
2008 නොවැම්බර් මස 21 වන දින හලාවත මහාධිකරණ බල සීමාවේදී රාජකද කරුක්කුලිය ජයතිලකාරාම විහාරස්ථානයේ ගබඩා කර තිබු දැව තොගයක් සමිබන්ධයෙන් නීතිමය කටයුතු කිරිමට ගිය අවස්ථාවේදී එවකට ආරචිචිකටිටුව ප‍්‍රාදේශීය ලේකමි ධනපාල සුරසිංහ මහතාගේ රාජකාරි කටයුතු වලට බාධා පමුණුවාලිම ඔහුට පහර දිම බැන වැදිම, අයුතු ජනරාශිය රැස් කිරීම ඇතුළු චෝදනා හතක් මත විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණි.