(නිමන්ති රණසිංහ)
ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිෙම්න්තු මන්ත්‍රී සනත් නිශානත් සහ මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 1 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය.
මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ අනෙකුත් සැකකරුවන් වන්නේ මොරටුව මහ නගර සභාවේ නගරාධිපති වන්නක්කුඩුවගේ සමන් ලාල් ප්‍රනාන්දු, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ගම්ලත් රෝහණ බණ්ඩාර, ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නොහොත් ඩෑන් ප්‍රියසාද් සහ සමීර චතුරංග යන අයවුලුන්ය.
මෙම සිද්ධිය අධිකරණය හමුවේ අද (25) කැඳවනු ලැබූ අවස්ථාෙව්දී අධිකරණය ඉදිරිපිට විශාල පිරිසක් රැස් වෙමින් උද්ඝෝෂනයක නිරත වූ අතර, එහිදී පොලීසිය එම උද්ඝෝෂකයින් මැඩ පැවැත්වීම සදහා මාර්ග බාධක යොදා තිබෙනු දක්නට ලැබුණී.
මේ අතර, අද (25) පෙරවරුවේදී හදුනාගැනීමේ පෙරට්ටුව පවත්වන අවස්ථාවේදී බාහිරින් පැමිණී පුද්ගලයන් කිහිප දෙනෙකු අධිකරණ භූමියට ඇතුලු වීමට උත්සාහගත් අතර, එහිදී උද්ඝෝෂකයින් සහ එම පිරිස අතර නොසන්සුන්තාවක් ඇති වූ අතර පොලීසිය ඊට මැදිහත් වී එය වලක්වනු පෙනිනි.
එමෙන්ම අධිකරණ කටයුතු අවසන් වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් රැගෙන ගිය බස් රථයට ද විරෝධතාකරුවන් සිය විරෝධය දක්වමින් මග හරස්කරමින් විරෝධතා දක්වන අයුරු දක්නට ලැබිණී.
(ඡායාරූප ගයාන් අමර ෙස්කර)