සද්ධාතිස්ස නාහිමි සියවස සැමරේ


දෙස් විදෙස් හි නිර්මල බුදුදහම ප්‍රචලිත කරවීමෙහිලා අනුපමේය සේවාවක් ඉටුකළ මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස මහනා හිමියන්ගේ  ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් මෙම 22 වන සෙනසුරාදා සර්වරාත්‍රී පරිත්‍රාන ධර්ම දේශනාවක් පවත්වා පසුදින සංඝගත දක්ෂිනාවක් පිරිනැමීම සඳහා ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සැරැසෙයි.

ලන්ඩන් බෞද්ධ විහාරස්තානාධිපති වශයෙන් 1957 දී ලන්ඩන් නුවරට වැඩම කළ සද්ධාතිස්ස නාහිමියෝ දශක තුනකට වැඩි කාලයක් එම තනතුර හොබවමින් ධර්මදුත මෙහෙවරෙහි යෙදී සිටියහ.

සද්ධාතිස්ස නාහිමියන් අතින් සිදුවූ ශාසනික හා සමාජ සේවාව අගය කිරීමේ අරමුණෙන් උන්වහන්සේගේ නමින් කින්ස්බරි නුවර විහාරස්ථානයක් ආරම්භ කිරීමට ලැබුවේ අග්ග මහා පණ්ඩිත  ගලයායේ පියදස්සී හිමියෝ මුල් වුහ.

1990 සිට වාර්ෂිකව එම විහාරස්ථානයෙදී සද්ධාතිස්ස නාහිමියන් වෙනුවෙන් ගුණ සමරු පිංකමක් පැවැත්වේ.