සතොසේ මත්පැන් විකිණීම ඇමැති නවතයි


බදාදා සිට සතොස වෙළඳ සංකීර්ණවල මත්පැන් විකිණීම සම්පූර්ණයෙන් ම තහනම් කරණ බව ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. අද යෝර්ක් වීදියේ සතොස සුපිරි වෙළඳ සංකීර්ණය පරීක්ෂා කිරිමේ දී එහි මත්පැන් අළෙවිකරණ ආකාරය දුටු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. රාජ්‍ය ආයතන විකිණිය යුත්තේ ජනතාවට යහපත් සුදුසු දේ බවත් මත්පැන් වැනි විෂ විකිණීම වහාම නතර කළ යුතු බවත් අමාත්‍යවරයා කීවේය. මතට තිත තබමින් දැනට ඇති මත්පැන් වහාම අළෙවියෙන් ඉවත්කරණ ලෙස ද ඒ මහතා නියෝග කළේය.