සතොස සහන මල්ල නැවත හෙට සිට


(සුජිත් හේවාජුලිගේ )

සතොස සහන මල්ල දෙවැනි අදියර හෙට (2) සිට ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි .

රුපියල් 1200ත් 1300ත් අතර වටිනාකමක් ඇති මෙම සහන මල්ල රුපියල් 1000ක මුදලකට සියලු සතොස ශාඛා හරහා ලබා ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි .

සතොස පළමු සහන මල්ලට ඉහළ ජනතා ප්‍රතිචාරයක් ලැබුණු බවද ඔහු කීය .