සතොස තෙදිනක් විවෘතව තබයි


(යොහාන් භාසුර)

සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලගැනීම සඳහා සියලූම සතොස අළෙවිසල් තෙදිනක් විවෘතව තබන ලෙස වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල මහතා උපදෙස් දී තිබේ.

සියලූම සතොස අළෙවිසල් හෙට සහ මේ මස 31 වැනිදා සහ ජූනි මස 4 වැනිදා විවෘතව තැබීමට නියමිතය.

එම දිනයන්හිදී සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් නිවසින් එක් පුද්ගලයකුට පමණක් ආසන්නතම සතොස අළෙවිසලෙන් භාණ්ඩ මිලදී ගතහැකි බවත් සතොස සේවකයන්ට ද නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන ලෙස දැනුම්දුන් බවත් අමාත්‍යවරයා පවසයි.

මේ මස 30 සිට ජුනි 07 වැනිදා දක්වා සංචරණ සීමා බලපැවැත්වෙන කාල සීමාව තුළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සහන මලූ ලබා ගැනීමටත්, ජංගම වෙළදාම අවසරය ලබා ඇති වෙළෙඳුන්ට භාණ්ඩ තොග ලබා ගැනීමටත් සතොස අළෙවිසල් විවෘත කිරීමට කටයුතු කරන ලෙස සතොස බලධාරීන්ට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දී තිබේ.