(මහින්ද නිශ්ශංක)
අන්තර්ජාලය (ඔන් ලයින්) හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇනවුම් කර නිවෙස් වෙතට ගෙනෙවිත් දීමේ වැඩපිළිවෙළක් ලංකා සතොස මගින් අද (25) ආරම්භ කළ බව ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා පැවසීය.
ප්‍රථම අදියර වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 6 ක දුරක සිටින පාරිභෝගිකයන්ට අන්තර්ජාලය (ඔන් ලයින්) හරහා භාණ්ඩ ඇනවුම් කළ හැකි බවද ඉදිරියේදි එම වැඩපිළිවෙළ දීපව්‍යාප්තව සිදුකරන බවද ඒ මහතා පැවසීය.
රුපියල් 500 , රුපියල් 1000 සහ රුපියල් 2000 වටිනා භාණ්ඩ මෙම ක්‍රමය යටතේ ඇනවුම් කළ හැකි ඔහු වැඩිදුරටත් පැවසීය.

