සතුරන් මිතුරන් නෑ දේශපාලනේ : ලක්ෂ්මන් බලන්න ජනක හිරගෙදර


එක්සත් ජාතික පාක්ෂිකයෙකුට පහර දුන්නේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සහ සන්ධානයේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් වසන්ත පෙරේරා බැලීමට හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද බෝගම්බර සිරගෙදරට ගියේය.

ජනක බණ්ඩාර හා ලක්ෂ්මන් වසන්ත අතර කාලයක සිට ආරවුලක් පැවැතිණි. ඒ ගැන තෙන්නකෝන් මහතා හිටපු ජනපති ද දැනුම්වත් කළ බව වරෙක කීවේය.

අද (5) ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා බැලීමට ගොස් හිරගෙදරින් එළියට ආ හිටපු ඇමැතිවරයා කීවේ දැන් පවතින්ගේ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ශ්‍රීලනිප මන්ත්‍රීන් හිරේ දමන බවයි.