සතුන්ට පිඩාවන පරිදි හෙලිකොප්ටරය පැදවු නිලධාරියාට අැප


(ක.ග කරුණාරත්න)

කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තුළ වෙසෙන අලි ඇතුන් ඇතුළු වන සතුන්ට පීඩා වන අන්දමට නීතිවිරෝධී ලෙස හෙලිකොප්ටරයක් පදවාගෙන ගිය බව කියන කොළඹ පෞද්ගලික ගුවන් සමාගමක පියාසර නිලධාරියකු හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) බාරවීමෙන් පසු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් ප්‍රදීප් මහමුතුගල මහතා නියෝග කළේය.

රත්මලාන, අත්තිඩිය, පදිංචි ජයසුන්දර මුදියන්සේලාගේ චාල්ස් රොහාන් ජයසුන්දර යන අයට මෙලෙස ඇප නියම කැරිණි.