
(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත මෙරට මරණ සංඛ්‍යාව ඊයේ (9) දිනයේදී 801ක් දක්වා ඉහළ ගිය අතර ඉකුත් සතියක කාලයේදී පමණක් මරණ 105ක් වාර්තා වී තිබේ.
මෙරට කොවිඩ් ආසාදිත700 වැනි මරණය වාර්තා වූයේ ඉකුත් 3 වැනිදා වන අතර එදින සිට ඊයේ (9) දක්වා ගතවූ සතියක කාලයේදී පිළිවෙලින් දිනපතා මරණ 13ක්, 11ක්, 14ක්, 11ක්, 19ක්, 22ක් සහ 15ක් වශයෙන් මරණ 105ක් වාර්තා විය.
මෙරට කොරොනා ආසාදිත පළමු මරණය වාර්තා වූයේ පසුගිය වසරේ මාර්තු 28 වැනිදා වන අතර 100 වැනි මරණය වාර්තා වූයේ එම වසරේ නොවැම්බර් 27 වැනිදාය.
ඒ අනුව පළමු මරණ සියය වාර්තාමට මාස 8ක කාලයක් ගතවූ අතර 200 වැනි මරණයේ සිට 300 වැනි මරණත්, 300 වැනි මරණයේ සිට 400 වැනි මරණයත් වාර්තා වූයේ මසක පමණ කාලයක් ඇතුළතය.
ඊට අමතරව 300 වැනි කොවිඩ් ආසාදිත මරණයේ සිට 400 වැනි මරණය වාර්තාවීමට ගතවූ කාලය දින 18ක් වන අතර 400 වැනි මරණයේ සිට 500 වැනි මරණය වාර්තාමට දින 21ක් ගත විය.
මෙරට 600 වැනි කොරෝනා මරණය වාර්තා වූයේ 500 වැනි මරණය වාර්තා වී මාසයකුත් සතියක පමණ කාලයකින් වන අතර එතැන් සිට 700 වැනි මරණය වාර්තාවීමට දින 20ක පමණ කාලයක් ගතවිය.

