සතියක් දරුවන් පාසල් නොයවන්න මව්පියෝ තීරණයක


(ප්‍රින්ස් රත්නායක)
 

දෙවැනි පාසල් වාරය හෙට (6) ආරම්භ කළත් බලංගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලට දරුවන් සතියක් යන තෙක් නොඑවීමට දෙමව්පියෝ තීරණය කළහ. 

පවතින ආරක්ෂක වාතාවරණය යටතේ 6 වැනිදා සිට දරුවන් පාසල නොඑවීමට සියලු දෙමව්පියන් තීරණය කර තිබේ. 

පැය තුනකට ආසන්න කාලයක් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  අද (5) පැවති දෙමව්පිය රැස්වීමේ දී සාකච්ඡා කළ අතර එහිදී සියලු දෙනාගේ එකඟතාවයෙන් දරුවන් පාසල් නොඑවීමට තීරණය කර ඇත.   

මෙම කාලය තුළ පාසලේ පිළිසකර කළ යුතු ස්ථාන කඩිනමින් පිළිසකර කිරීමටත් එම කාලය තුළ පවතින ආරක්ෂිත වාතාවරණය අනුව දරුවන් පාසලට එවීමටත් කටයුතු කරන බව දෙමාපියෝ පවසති.

එතෙක් පාසලේ ශ්‍රමදාන හා විවිධ ආරක්ෂක වැඩපිළිවෙළක් පරිශ්‍ර තුළ ක්‍රියාත්මක කිරීමට  එකඟ විය.