සතියකට දවසක් රන්ජන් බලන්න අවසර


(සුජිත් හේවාජූලිගේ)

අඟුණකොළපැලෑස්ස බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බැලීම සඳහා සෑම බදාදා දිනයකම එක් මන්ත්‍රිවරයකුට පමණක් අවසර දෙන බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන්  පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරුන්ට රන්ජන් රාමනායක මහතා බැලීමට යෑම සඳහා දී තිබූ අවස්ථාව රාමනායක මහතා සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරයකු සමග බන්ධනාගාරයේදී සෙල්ෆි ඡයාරූපයක් ගෙන ප්‍රසාද්ධ කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන බන්ධනාගාරයේ ප්‍රධානීන් විසින් සතු දෙකකට නතර කරනු ලැබීය.

මේ අතර රන්ජන් රාමනායක මහතාට සතියකට වරක් සීමිත කාලයක් ස්ථාවර දුරකතනයක් පාවිච්චි කිරීමේ අවස්ථාව ද ලබාදී ඇතැයි ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.