(මහින්ද නිශ්ශංක)
දුම්රිය වෘත්තීය සමිති ඉදිරි සතිදෙක තුළ වර්ජන ක්‍රියාත්මක නොකළොත් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ඉවත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කළේ දුම්රිය වර්ජන නිසා මහජනතාව පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා බවද අමාත්‍යවරයා කියයි.
ඉකුත් 27 දා දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරිණි.

