රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙනත් ස්ථානයකට ගොන ගොස් සති දෙකකටත් වඩා ගත වුවද එහි නව දුරකතන අංක ප්‍රසිද්ධ නොකිරීමෙන් රාජ්‍ය සේවකයෝ දැඩි අපහසුතාවකට පත්ව සිටිති.
ඔවුන්ගේ නව දුරකතන අංක රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයටවත් ලබා දී නැතැයි අප කළ විමසීමකදී රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය සඳහන් කළේය.
රාජ්‍ය සේවා කොමිෂන් සභා වෙබ් අඩවියේ තවමත් සඳහන් වන්නේ පරණ අංක වන අතර ඒ අංක සියල්ල වැඩ කරන්නේ නැත.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ එහි ලිපිනය ලෙස සඳහන් කර ඇත්තේ ද පැරණි ලිපිනයයි. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය සඳහන් කළේ රාජ්‍ය සේවා කොමිසමේ කාර්යාලය දැන් ස්ථාපිත කර ඇත්තේ බත්තරමුල්ලේ බවයි.
රාජ්‍ය සේවා කොමිසමේ අලුත් අංක මෙතෙක් ප්‍රසිද්ධ කර නැති නිසා මෙම චෝදනාව සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විමසීමට ද නොහැකි විය.