සති අන්තේ ඔහිය හරස් මාර්ගයෙන් යන්න බෑ


උඩරට   මාර්ගයේ ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේ  දුම්රිය හරස් මාර්ගය සෙනසුරාදා (19) සහ ඉරිදා (20) වසා තබන බව ඔහිය දුම්රිය මාර්ග අංශයේ අධීක්ෂණ කළමණාකරු ඇන්ටන්  විරෝෂන්  වික්‍රමරත්න මහතා පැවසුවේය.

ලෝකාන්තය , හෝටන්තැන්න නැරඹීමට  යන සංචාරකයන්ට  නුවරඑළිය පට්ටිපොල මාර්ගය සහ කැප්පටිපොළ රේන්දපොල අඹේවෙල යන මාර්ග භාවිතා  කරන ලෙස ඔහු උපදෙස් දෙයි.