සත්‍ය හා සංහිදියා යෝජනාව දෙවන වරටත් කල් දමයි


(අජන්ත කුමාර අගලකඩ)

සත්‍ය හා සංහිදියා කොමිසමක් පත් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අද (26) දෙවන වරටත් කල් දමනු ලැබීය.

යෝජනාව සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තවදුරටත් කල් ඉල්ලා සිටිම නිසා එය සාකච්ඡාවට ගැනීම කල් ගිය බව රජයේ ආරංචි මාර්ග කියයි.

සත්‍ය හා සංහිඳියා කොමිසමක් පත් කිරීම සඳහා වන කැබිනට් සංදේශය මීට සති දෙකකට ඉහතදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.

මේ අතර එම කැබිනට් සංදේශය සම්බන්ධයෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා ද සිය නිරීක්ෂන අමාත්‍ය මණ්ඩලය වෙත අද (26) ඉදිරිපත් කර තිබිණි.

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තවදුරටත් කොමිෂන්  පත් කිරීම ප්‍රායෝගික නොවන බැවින් ඒ සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගැනීම.

අවශ්‍ය බව චම්පික රණවක මැතිවරයා සිය නිරීක්ෂණ මගින් පෙන්වා දී තිබූ බව වාර්තා වේ.

උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසම පරණ ගම කොමිසම,මානව හිමිකම් කොමිසම අතුරුදන් වූවන් පිළිබඳ කොමිසම ආදි කොමිෂන් සභා  ගණනාවක් දැනටමත් පත් කර ඇති නමුත් ප්‍රශ්නයකට විසඳුමක් නිසි ලෙස ලැබී නොමැති බැවින් ඊට වසර ප්‍රයෝගික ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයිද ඇමැතිවරයා සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් සඳහන් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

දැනට අත අඩංගුවේ පසුවන ආරක්ෂක හමුදාවල සහ එල්.ටී.ටී.ඊයේ හිටපු සමාජිකයින් සියලු දෙනා නිදහස් කර මේ  ප්‍රශ්නය විසඳාගත යුතු බවද සහ සිය නිරීක්ෂණ මගින් පෙන්වා දී ඇතැයි වාර්තාවේ.

අතුරුදන් වූවන් සඳහා සහතික නිකුත් කිරීම උතුරු හා නැගෙනහිර ඉඩම් නිරවුල් කරනය යනාදිය කඩිනම් කර වසරක කාලයක් ඇතුළත මෙම ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය බවද ඔහු පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ.