
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
සත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදාගැනීමට සූදානම් කර තිබූ දේශීය සහල් කිලෝග්‍රෑම් 35,000 ක් වාරියපොල බණඩාරකොස්වත්‍ත ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක තිබී අද (20) අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පාරිභෝගික කටයුතු අධිකාරි කාර්‍යාලය පැවසීය.
වෙළෙඳ පොලේ සහල් හිඟයක් ඇතිවීම නවතාලීම අරමුණු කරගෙන පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දේශීය සහල් සත්ව ආහාර නිපදවීමේ අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගැනීම වළකාලමින් පසුගිය ජූලි මස 23 වන දින නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව මෙම වැටලීම සිදුකළ බව පාරිභෝගික අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී අසංක නන්එදිරි මහතා පැවසීය.
මෙම ආයතනය විසින් දේශීය සහල් සත්ව ආහාර සඳහා යොදාගන්නා බවට කුරුණෑගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරි කාර්‍යාලයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරිණ.
මෙම සහල් තොගය මුද්‍රා තබා හෙට (21) දිනයේදී හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අදාල පෞද්ගලික සමාගමට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව වැටලීම සිදුකළ නිලධාරීහු පැවසූහ.



