සටන පාවා නොදෙන්නැයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ඉල්ලයි


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සමඟ කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයකු තනි තනිව ගිවිසුම්වලට අත්සන් නොතබන ලෙසත් එසේ වුවහොත් සාමූහික ප්‍රයත්නය අසාර්ථක වන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු මෙන්ම හිටපු නායකයකු ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම පිළිබඳව මේ වන විට ඇතිවී තිබෙන තත්ත්වය දැනුවත් කරමින් අදාළ ‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හඳුන්වාදී ඇති නව ආචාරධර්ම පද්ධතියේ ඇතැම් කරුණු ද ක්‍රීඩකයන්ට අවාසිදායක බවත් ඒ පිළිබඳව ද තවදුරටත් සාකච්ඡා කළ යුතු බවත් අදාළ එම ක්‍රීඩකයා සෙසු ක්‍රීඩකයන් දැනුවත් කර ඇති බව දැනගන්නට ඇත.

කොන්ත්‍රාත් ගිවිසුම සහ නව ආචාරධර්ම පද්ධතියේ වෙනස්කම් රැසක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී සිටියද ඒවා මේ දක්වා ලිඛිතව සිදුවී නොමැති බවත් ඒ හේතුවෙන් කිසිවකු තනි තනි ගිවිසුම්වලට නොයන ලෙසත් එම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.