ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අයුතුලෙස පරිහරණය කළැයි රිමාන්ඞ් බාරයට පත් කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීරණය කර ඒ වෙනුවෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලා හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප‍්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨධිකරණය අද(24) තීන්දු කළේය.
එම චෝදනා සම්බන්ධයෙන් පෙත්සමකරුට එරෙහිව නඩුවක් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙහි විභාග වන හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී නොමැති බැවින් මෙම පෙත්සම විභාගයට ගැනිමට අවසර දීමට තරම් ප‍්‍රමාණවත් කරුණු නොමැති බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම නිෂ්ප‍්‍රභ කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් , චන්ද්‍ර ඒකනායක සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳැවිණි.

