සජින් වාසුත් රජයෙන් සල්ලි ඉල්ලයි


තමන් රිමාන්ඩ් බාරයෙන් වහා මුදාහරින ලෙසත්, නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇති හෙයින් රුපියල් කෝටි පහක වන්දි මුදලක් ඉල්ලා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සහ ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන  අද(11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නීතිඥ ඒ.සී.එස්.දේවපුර මහත්මිය මාර්ගයෙන් ගොනුකළ මෙම පෙත්සමේ පොලිස්පති ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ,එහි අධ්‍යක්ෂ  සුදත් නාගහමුල්ල, ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන අධ්‍යක්ෂවරයා,නීතිපතිවරයා නම්කරනු  ලැබ සිටිති.

ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අයුතු ලෙස භාවිත කොට ඒව‍ා නිසිපරිදි තමන් යළි බාර නොදුන් බවට කළ චෝදනා අසත්‍ය බවත්,ඒවා තමන් නිසිපරිදි බාරදුන් බව පෙත්සම්කරු කියා සිටී.එබැවින් තම මෙලෙස රිමාන්ඩ් භාරයේ රදවා තැබීම නීතියට පැටහැනි බවත් වහාම තමන් ඉන් මුදාහරින්නැයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණටෙන් ඉල්ලා සිටී.