සජින් වාස්ට රට යන්න අවසර


හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔක්තෝබර් 25 සිට 30 දක්වා කාලය තුළ රටින් පිටවීමේ අවසර ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (20) නියෝග කළේය.

ලක්ෂ 10 බැගින් වූ ඇප දෙකක් මත ඔහුට එම අවසරය හිමිවිය.