සජින් වාස්ට එරෙහි අල්ලස් නඩුව කල් යයි


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස වත්කම් බැරකම් වාර්තා ලබානොදීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩුවේ පළමු සාක්කිකරු අද (1) නොපැමිණීම හේතුවෙන් නඩු විභාගය දෙසැම්බර් 10 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

දූෂණ විරෝධී පෙරමුණ වෙනුවෙන් වසන්ත සමරසිංහ මහතා අල්ලස් කොමිසමට ගොනු පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

නඩුවේ පළමු සාක්කිකරු වන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් පරාක්‍රම මහතා අද දින නව පාර්ලිමේන්තුවේ පළමු සැසිය පැවැත්වෙන බැවින් අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බව දන්වා ඇත.