සජින් වාස් යළි රිමාන්ඩ්


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරද්දී පරිහරණය කළ දෑ නැවත භාරදීමට ඇතැයි සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ නීතීඥවරු අද (11) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වූහ.

ඒ ගැන බන්ධනාගාර රෙගුලාසිවලට අනුව කටයුතු කරන්නැයි මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා දැනුම් දුන්නේය.

ජනාධිපති ලේකම් කාර්යාලයයට අයත් වාහන අයථා පරිහරණය කළැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ලබන 25 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස   මහේස්ත්‍රාත්   නියෝග කළේය.