(නිමල කොඩිතුවක්කු)
ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් නම් කෙරුණු සජිත් පේ‍්‍රමදාස මහතාගේ අපේක්ෂකත්වය පිළිගනිමින් ඔහුට සහාය දීමට එක්සත් ජාතික පෙරමුණේ සියලූම නායකයින් අද (27) ඒකමතිකව තීරණය කරනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී පැවති විශේෂ හමුවකදී එක්සත් ජාතික පෙරමුණේ නායකයන් මෙම තීරණය ගනු ලැබීය.
‘හංසයා’ ලකුණින් ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කරන සජිත් පේ‍්‍රමදාස මහතාද මෙම හමුවට සහභාගි වි සිටියහ.
එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වන රවුෆ් හකීම්, රිෂාද් බදියුදීන්, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
මෙයට අමතරව ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පළකරමින් සිවිල් සංවිධධාන, වෘත්තීය සමිති, බහුජන සංවිධාන ලබන සතියේ සිට ඒ අයගේ දේශපාලන කටයුතු ආරම්භ කිරිමට නියමිත බවත් වාර්තා වේ.

