අදට යෙදී ඇති ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ජාතික උත්සවය නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාළිගාවත්ත ප්‍රදීපා ශාලාවේදී පැවැත්විණි.
කෙන්යාවේ නයිරෝබී නුවරදී ලෝක ජනාවාස දිනය ප්‍රකාශයට පත් කෙරුණේ හිටපු ජනපති ආර්.ප්‍රේමදාස මහතා එක්සත් ජාතීන්ගේ සමුළුවෙන් කළ ඉල්ලීමක් අනුවය. ‘සැමට සෙවණ‘ සංකල්පය යටතේ අඩු ආදායම් ලාභීන්ට නිවසක් ලබාගැනීමේ හීනය සැබෑ කිරීමට තමන් ඇප කැප වන බව ප්‍රේමදාස මහතා එම උත්සවයේදී පැවසීය.
මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද එහිදී අදහස් දැක්වීය.
කොළඹ හතේ ඉහළ පැළැන්තියේ විතරක් සංවර්ධන කටයුතු කළ පසුගිය රජය නිදහස් චතුරස්‍රය අසල ඉදිකළ "ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ්" නමැති සුපිරි පන්තියේ වෙළඳ සාප්පු සංකිර්ණයේ මාළු ටැංකිය හැඳිමට ගෙනා වීදුරුවට විතරක් රුපියල් කෝටි තුන හමාරක් වැය කර තිබෙනවා . ඒකට දාපු එක මාළුෙකු මිලට අරන් තියෙන්නේ රුපියල් හැට දහස ගාණේ . මේ වගේ ජනතාවගේ බදු මුදල් නාස්ති කිරිම ගැන ජනතාව දැන ගන්න ඕනෑ යැයි රණවක මහතා පැවසීය.





