සජිත්ට එරෙහි පෙත්සමේ අගමැතිටත් නොතීසි


සහනාධාර ක්‍රමයක් යටතේ අඩුආදායම් පවුල් සඳහා ණය ලබා දුන් දිවිනැඟුම ප්‍රජා මූල බැංකුවේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි නිවාස හා සමෘද්ධි අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන විමර්ශන කඩිනම්ව සිදුකරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ නොතිසි  අගමැති  ඇතුළු සියලුම වගඋත්තරකරුවන්ට  ලබාදීමෙන් පසුව පෙත්සම ලබන  ජූලි 10 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළේය.

අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ,නිවාස හ සමෘද්ධි අමාත්‍යවරයා,පොලිස්පති සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරින්ගේ සංගමය ,එහි සභාපති ,ලේකම් ගොනු කළ මෙ‍ම පෙත්සම අද රෝහිණී මාරසිංහ , සිසිර ද ආබෘ,  සහ උපාලි අබේරත්න යන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳැවිණි.