සහනාධාර ක්‍රමයක් යටතේ අඩුආදායම් පවුල් සඳහා ණය ලබා දුන් දිවිනැඟුම ප්‍රජා මූල බැංකුවේ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන විමර්ශන කඩිනම්ව සිදුකරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන17 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළේය .
සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරින්ගේ සංගමය ,එහි සභාපති ,ලේකම් ගොනු කල මෙම පෙත්සම අද කැදවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දෙන ලදී.
ඊවා වනසුන්දර සහ සරත් ද ආබෘ යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ද්වි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැදවිණි .

