සහනාධාර ක්‍රමයක් යටතේ අඩුආදායම් පවුල් සඳහා ණය ලබා දුන් දිවි නැගුම ප්‍රජා මූල බැංකුවේ මුදල් අයථා ලෙස පරිහරණය කරන ලැදැයි නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව කළ පැමිණිල්ල පිළිබඳ කඩිනම් විමර්ශන පවත්වන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමේ නොතීසි අගමැතිවරයා ඇතුළු සියලූම වගඋත්තරකරුවන්ට ලබා දීමෙන් පසුව ලබන 16 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) තීන්දු කළේය.
ඒ අනුව එම නොතීසි පෙත්සමේ වගඋත්තරකරුවන්ට ලබාදෙන්නැයි අධිකරණය පෙත්සම්කරු ගේ නීතීඥ ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතාට දැනුම් දුන්නේය.පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ,ඊවා වනසුන්දර සහ රෝහිණී මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවි‚.
සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන්ගේ සංගමය, එහි සභාපති, ලේකම් විසින් ගොනු කල මෙහි වගඋත්තරකරුවන් ලෙස දිවි නැගුම හිටපු අධ්‍යක්ෂක, අගමැති, අමාත්‍ය සජිත් ප්‍රේමදාස, කැබිනට් මණ්ඩලයේ සෙසු අමාත්‍යවරුන්, පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

