සජිත්ගේ මාතලේ රැස්වීම සාර්ථකයි
මාතලේ පැවැති තම රැස්වීම කඩාකප්පල් කිරිමට එක්සත් ජාතික පක්ෂයේම ප්‍රබලයන් උත්සහා කළත් දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන් 47 දෙනාගෙන් 45 දෙනකුම පැමිණි බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කෙළේය.
පලාපත්වල පැවැති මේ රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන වසන්ත අලුවිහාරේ, දිස්ත්‍රික් සංවිධායක රංජිත් රලුවිහාරේ, පළාත් සභා මන්ත්‍රී පණ්ඩිත කවිරත්න, එම්. ඉම්බ්‍රහම් මහත්වරු පැමිණ සිටියහ.
පළාත් සභා මන්ත්‍රි රෝහණ බණ්ඩාරනායක මහතා පැමිණ සිටියේ නැත. එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිසකගේ කුහක දේශපාලනය පිටු දැකීමටත් පක්ෂය විජයග්‍රහණය කරා මෙහෙයවීම තම කාර්ය බාරය බවත් මාතලෙන් ඊට සම්පූර්ණ සහයෝගය ලැබුණු බවත් ප්‍රේමදාස මහතා කීය.

