සජිත්ගේ මහනුවර හමුවටත් සීයක් ඇවිල්ලා
එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයින් ලක්ෂ පහක් බඳවා ගැනීමේ වැඩසටහන නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අද මහනුවර දිස්ත‍්‍රික්කයේ එජාප පලාත් පාලන ආයතන නියොජිතයින්ට අදුන්වා දුන්නේය. මහනුවර රිවඬේල් හෝටලයට කැඳැවුණු මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ රැස්වීමට මහනුවර දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන නියොජිතයින් 124 න් 104 දෙනෙක්ම සහභාගී වූහ. මෙවැනි රැස්වීම්වලට නොයන ලෙස පක්ෂ මහලේකම් ඉල්ලීමක් ද කර තිබුණි. පේ‍්‍රමදාස මහතා සිය උපන් දිනය වෙනුවෙන් ඔවුනට දිවා භෝජන සංග‍්‍රහයක්ද පැවැත්වීය .

