සජිත් වැටුප් නොගනී


තම මාසික වැටුප සහ ඉන්ධන දීමනා නිවාස සංවර්ධන අරමුදලට මාසිකව බැර කරන බවත් තමාට අමාත්‍යංශයෙන් ලැබෙන වාහන හෝ නිල නිවස බාර නොගන්නා බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (22) බත්තරමුල්ල සෙත්සිරිපායේදී අමාත්‍යංශයේ වැඩ බාරගනිමින් පැවසීය.

යහපාලනයට ආදර්ශයක් ලබාදීමට මේ තීරණය ගත් බවද ප්‍රේමදාස මහතා කීය.

මෙහිදී අනුශාසනායක් කළ කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන් පැවසුයේ සජිත් ප්‍රේමදාස මහතාට වැඩිපුර බණක් කීමට අවශ්‍ය නොවන බවත් තාත්තා වාගේ වැඩ කරන්නැයි යන්න පමණක් මතක් කර දෙන බවත්ය.