සජිත් ඉන්දියාවට කරපු යෝජනාව


(සුජිත් හේවාජුලිගේ )

ඉන්දියාවේ  සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නවදිල්ලියේ දී ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ නියෝජිතයින් හමුවී සාකච්ඡා පවත්වා ඇත

එහිදී වෙළෙඳාම, ආයෝජන සහ තාක්ෂණය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පුළුල් කථිකාවතක් ගොඩනැංවීමට සමත්වී ඇති බව සඳහන්වේ

වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවාහයන් ඉහළ නැංවීම සඳහා ඉන්දියා-ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසම යටතේ වෙළෙඳ පහසුකම් සැපයීමේ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී යෝජනා කර ඇත