සජබ 4 ක් එන්නත එපා කියති


සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, මනුෂ නානයක්කාර, හේෂා විතානගේ සහ මුජුබර් රහුමාන් යන අය කොවිඩ් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

කොවිඩ් එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට අද (16) දිනයේ නාරහේන්පිට යුද හමුදා රෝහලේ දී ලබා දීම සිදු කෙරිණි.

කොවිඩ් එන්නත රටේ ජනතාවගෙන් මිලියනකටවත් එන්නත්කරණය සිදු කිරිමෙන් පසුව තමන් එන්නත ලබාගැනීමට කටයුතු කරන බව හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.