සඟවා තැබූ සහල් මිටි 750ක් අත්අඩංගුවට


(මහින්ද නිශ්ශංක)

විකිණීම සදහා සහල් නොමැති බවට ප්‍රකාශ කළ පිටකොටුව පස්වන හරස් වීදීයේ තොග වෙළෙඳ අළෙවිසැලක් පරීක්ෂා කළ පාරිභෝගික සේවා  අධිකාරිය වෙළෙඳපොළ තුළ සගවා තිබූ නාඩු සහල් මිටි 750 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීමේදී සොයාගනු ලැබූ සහල් තොගය පාරිභෝගික සේවා අධිකාරිය බාරයට ගෙන ඇත.

සහල් තොග සගවාගෙන සිටීම සම්බන්ධයෙන් එම ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන තිබේ.