පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථ ශ්‍රී සංඝරාජ දහම් පාසලේ 67 වැනි සංවත්සරය 2015ක්වූ සැප්තැම්බර් 6 වැනි ඉරිදා පස්වරු 2.30ට මරදාන ටවර් රඟහලේදී පැවැත්වීමට නියමිතය.
ප්‍රදේශවාසී මහා සංඝරත්නය හා ආරාධිත ප්‍රභූහු රැසක්ද එදිනට සහභාගි වෙති.
විහාරාධිපති කනන්ගමුවේ සුමංගල නාහිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රධානාචාර්ය දෙමළුස්සේ මේධංකර හිමි ප්‍රමුඛ දහම් පාසල් ආචාර්ය මණ්ඩලය උත්සවය සංවිධානය කර ඇත.
දහම් පාසලට සම්බන්ධ වත්මන් හා ආදි සිසු සැමට එදිනට සහභාගීවන ලෙස සංවිධායක මණ්ඩලය ආරාධනා කරයි. වැඩි විස්තර සඳහා 0112473756 අංකය හෝ [email protected] විද්‍යුත් ලිපිනය සම්බන්ධ කරගත හැකිය.

