සගයාට පිහිපාර


ඉතාලියේ ජිනෝවා නුවර ශ්‍රී ලාංකිකයකු තවත් ශ්‍රී ලාංකිකයකුට පිහියෙන් ඇන තුවාල කළැයි ජිනෝවා කැරිබිනේරි පොලිසිය පවසයි. පිහි පහරින් බරපතල තත්ත්වයේ පසුවන ශ්‍රී ලාංකිකයා (35) ජිනෝවා සන්මර්තිනෝ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය. කාලයක සිට ඔහුට රැකියාවක් නැත. සැකකාර ශ්‍රී ලාංකිකයා (28) ආපන ශාලාවක් පිරිසිදු කරන්නෙකි. ජිනෝවා පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත.