(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති නිදහස් කුසලාන තරගයේ අවසන් ඕවරයේදී සහ ඉන් පසුව නොමනා ලෙසින් හැසිරීම හේතුවෙන් බංග්ලාදේශ නායක සකිබ් අල් හසන්ට සහ අතිරේක ක්‍රීඩක නුරුල් හසන්ට ඔවුන්ගේ තරග මුදලින් 25% ක දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක ක්‍රිස් බ්‍රෝඞ් මහතා තීරණය කරතිබේ.
ඒ අතරම මෙම ක්‍රීඩකයන් දෙදෙනාටම අගති ලකුණක් බැගින්ද නියම කර තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පනවන ලද ක්‍රීඩක විනය නීතිමාලාවේ පළමු වැනි තලයේ වරදක් හේතුවෙන් ක්‍රීඩකයන් දෙදෙනාටම මෙම අගති ලකුණු පනවා තිබේ.
විස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න