සක්‍රීය බැරකම් පනත වැඩි ඡන්දයෙන් සම්මතයි


(ඩයනා උදයංගනී , ආරියරත්න රණබාහු)

 සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ දී අද(23) සම්මත විය.

පක්ෂව ඡන්ද 53ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 2ක් ලැබිණි .

ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂව ඡන්දය දුන් අතර ඒකාබද්ධ විපක්ෂය ඊට විරෝධය පා සභාවෙන් නැගිට ගියහ.