(රංජන් කස්තුරි)
උතුරු නැගෙනහිර ජනතාව තුළ රජය හා යුද්ධ හමුදාව පිළිබඳ ඇති විශ්වාසය පළුදු වන අයුරින් දේශන පවත්වන හා සංහිඳියා ක්‍රියාදාමයට බාධා වන අයුරින් කටයුතු කරන පුද්ගලයන්ට යුද්ධ හමුදා කඳවුරුවලට ඇතුළුවීමට අවසර නොදෙන්නැයි යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා හමුදා අංශවලට උපදෙස් ලබා දී තිබේ.
සංහිඳියා ක්‍රියාදාමයට බාධා වන අයුරින් කටයුතු කිරීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මුළුමනින්ම හෙළා දැකිය යුතු බව ද එම උපදෙස්වල සඳහන්වේ.
සංහිඳියාවට බාධා කරන්නන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී වීමට හෝ කිසිදු ආකාරයක අනුබලදීමක් මෙන්ම අනුග්‍රහය දැක්වීමක්ද සිදු නොකරන ලෙස යුද හමුදාපතිවරයා දැනුම් දී ඇත.
යුද්ධ හමුදාපතිවරයා යැවූ උපදෙස් ලිපිය පහත දැක්වේ.