ලෝක ළමා දිනය සමරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙවර සංහිද ළමා නිවාසයේ දරුවන් 33 දෙනෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට කැඳවාගෙන ආහ.
කොළඹ සිට ඩබල් ඩෙකර් බස් රථයක පැමිණි දරුවෝ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ඒ 330 දරණ විශේෂ ගුවන් යානය වෙත කැඳවාගෙන ගිය අතර එහිදී ගුවන් කාර්ය මණ්ඩලය ඔවුන්ට සත්කාර කරමින් ආහාර පිළිගැන්වුහ.
මීට අමතරව ගුවන් ගමනක වගකීම මෙන්ම ගුවන් ගමනක යෙදීමට අවශ්‍ය සියළු දේ පිළිබඳව දැනුම එහිදී ඔවුනට ලබා දුන්හ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රජා සත්කාරක අංශය විසින් මෙය සංවිධානය කර තිබුන අතර ඊබට් සිල්වා හොලිඩේස් සමාගම සහ ගාලුමුවදොර හෝටලය මේ සඳහා අනුග්‍රාහකත්වය දැරීය.

















