(විනීතා එම් ගමගේ)
සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සේවක ඉල්ලීම් දින 14 ක් ඇතුළත විසඳාලීමට සංස්කෘතික අමාත්‍යංශය අපොහොසත් වුවහොත් එම දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන සියලූ රාජ්‍ය උත්සව සංවිධානය නතර කිරීමට එහි සේවක සංගම් තීරණය කර ඇත.
ඒ අනුව තම ඉල්ලීම් නොලැබෙන්නේ නම් රාජ්‍ය නාට්‍ය උළෙල, රාජ්‍ය නර්තන උළෙල, ජනමාධ්‍ය සම්මාන උළෙල, ළමා නාට්‍ය උළෙල, කලාභූෂණ සම්මාන උළෙල, ඇතූළු උත්සව සංවිධානය නවතාලීමට තම වෘත්තීය සමිති එකමුතුව තීරණය කළ බව සංස්කෘතික දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති ගණනාවක් එක්ව ගොඩනැගුණු ‘‘ලාංකික සංස්කෘතික අනන්‍යතාව උදෙසා සංස්කෘතික සේවක එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.
කොළඹ කොටුව සේවා මුක්ත භට සංගම් ශාලාවේ දී අද (17) මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
2012 වසරේ දී අහෝසි කරන ලද, සංස්කෘතික නිලධාරින්ගේ උසස්වීම් පරිපාටිය යළි ලබාදෙන ලෙසත්, 2015 දී බඳවා ගනු ලැබු සංස්කෘතික සංවර්ධන නිලධාරින්ට දෙපාර්තමේන්තු ගත සංස්කෘතික නිලධාරි තනතුරට පත් කරන ලෙසත් දැනට පරිවාස කාලය අවසන්ව සිටින රාජ්‍ය නර්තන කණ්ඩායමේ ශිල්පීන්ගේ හා රාජ්‍ය සංගීත කණ්ඩායමේ ශිල්පීන් ස්ථිර කරන ලෙසත් තම වෘත්තීය සමිති එකමුතුව ඉල්ලා සිටි බව ද සුරියආරච්චි මහතා පැවසීය.
මෙකී ඉල්ලීම් සහිත ලිපියක් සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල මහත්මිය වෙත බාර දුන් බවත් එහි පිටපත් සංස්කෘතික අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා වෙත යැවූ බවත් සූරියආරච්චි මහතා තවදුරටත් සඳහන් කළේය.
ඔක්තෝබර් පළමු වැනිදාට පෙර මෙම ඉල්ලීම් ඉටු කළ යුතු බවත් එසේ ඉල්ලීම් ඉටු කරන බවට ඊට පෙර පොරොන්දුවක් ලබා දිය යුතු බවත් දෙපාර්තමේන්තු ප‍්‍රධානියාට දන්වා සිටි බව ද හෙතෙම කියා සිටියේය.
සමස්ත ලංකා සංස්කෘතික නිලධාරි සංගමය, රැකියා ලාභී උපාධිධාරින්ගේ සංගමය, සංවර්ධන නිලධාරි සංගමය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු ශිල්පීය සංගමය එක්ව ලාංකීය සංස්කෘතික අනන්‍යතාව උදෙසා සංස්කෘතික සේවක එකමුතුව සැදී ඇතැයි ද සූරිය ආරච්චි මහතා කීය.

