සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කැබිරිය පැහැරගත් තිදෙනෙක් රිමාන්ඩ්


 
(මහේෂ් කිර්තිරත්න) 
 සංස්කෘතික දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 70 ක් වටිනා කැබි රථයක් පැහැර ගත් බවට සැකපිට අධිකරණය හමුවට පැමිණවූ තිදෙනෙකු ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතලේ වැඩ බලන මහේස්ත්‍රාත් තලතා  අබේරත්න මහත්මිය නියෝග කළාය .
 
 අරලියගහ මන්දිරයේ පැවැති වෙසක් උත්සවයට පල්ලේපොල විහාරස්ථානවලින් සැපයූ මිල කළ නොහැකි කෞතුක භාණ්ඩ ආපසු රැගෙන යමින් තිබූ කැබි රථය රියදුරු ඇද දමා පැහැර ගත් බවට සැකපිට මාතලේ මූලස්ථාන පොලිසිය අත් අඩංගුවට ගත් සැකකරුවන්  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු   ඊයේ (05)  මෙම නියෝගය නිකුත් කර ඇත.
 
මධ්‍යම පළාත් සංස්කෘතික අධ්‍යක්ෂවරයා සමඟ මෙම කෞතුක භාණ්ඩ රැගත් කැබ් රථය පල්ලේපොල ප්‍රදේශයට ඉකුත් 04 දා සවස ධාවනය වෙමින් තිබියදී පෞද්ගලික බස් රථයක් කැබි රථය පසුකර යාමට තැත් කර ඇත .  එම  අවස්ථාවේදී අනතුරක් සිදුවු අනතුරකින් පසු  කැබ් රථය අනතුරට ලක් කළ පෞද්ගලික බසයේ ගමන් කරමින් සිටි පිරිස  හා නිලධාරින් අතර බහින් බස්වීමක් සිදු මේ පසු මෙය සිදු වී තිබේ.